ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ නතර කර ඇති අතර, ඔහු සහ ආර්යාව කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීමෙන් පසුව බොහෝ දේ සිදුවෙමින් පවතින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. මේ එම කරුණු කිහිපයක් සැකෙවිනි.
ඉදිරි දින කිහිපය - ට්‍රම්ප් ඉදිරි දින කිහිපය වෝල්ටර් රීඩ් ජාතික හමුදා රෝහලේ ගතකරන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කයිලි මැක්නානි පවසයි.
අසනීපය සමග කම්පා වීම - ට්‍රම්ප් නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව ව්‍යාකූල වී ඇති අතර, ඔහුගේ ප්‍රතික්‍රියාව ගැන හුරුපුරුදු පුද්ගලයෙකුට අනුව, උණ රෝග ලක්ෂණ වර්ධනය වීමත් ඔහු වැඩියෙන් තැතිගෙන ඇති බව අනාවරණය වෙයි.
උණ සහ තෙහෙට්ටුව - ට්‍රම්ප්ට උණ වැලඳී ඇති බව ධවල මන්දිර ආරංචි මාර්ග පෙන්වා දෙයි. ධවල මන්දිරයේ සිටියදී ඔහු මෘදු රෝග ලක්ෂණ පෙන්වූවද, උණ තත්ත්වය දිගටම පැවති බව සඳහන් වෙයි. මෙහිදී ධවල මන්දිර වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද නව තොරතුරුවලට අමතරව ට්‍රම්ප් යම් තෙහෙට්ටු ස්වභාවයක පසුවී ඇති බවද කියයි.
ප්‍රතිකාර ලබා ගැනීම - ජනාධිපතිවරයාගේම වෛද්‍යවරයාගේ නිවේදනයට අනුව ට්‍රම්ප්ට නව කොරෝනා වෛරසය සඳහා රෙජිනෙරෝන්ස් ප්‍රතිදේහ මාත්‍රාවක් ලබාදී තිබේ.
විගස පරීක්ෂණ - ජනාධිපතිවරණ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් අද උදෑසන මිචිගන් හි ග්‍රෑන්ඩ් රිපයිඩ්ස් හි සංචාරයකදී සඳහන් කළේ තමාට කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵල දෙකක් සෘණාත්මක ලෙස ලැබී ඇති බවයි. එසේම උප ජනාධිපති මයික් පෙන්ස් සහ දෙවැනි ආර්යාවද සෘනාත්මක පරීක්ෂාවක් තහවුරු කර තිබේ.
ඉක්මන් සුවය හා සුබ පැතුම් - හිටපු ජනාධිපති බරැක් ඔබාමා සහ බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද ට්‍රම්ප්ට සුබ පතන්නන් හා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නන් අතරට එක්ව සිටිති.