'කෝවිඩ් - 19' වෛරස් තත්ත්වය වැළඳී ඇති බවට ජාතික උණ රෝහලට ඇතුළත් වූ කිසිදු පුද්ගලයෙකුට එම වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හිතවතුන් පිරිසක් 'කෝවිඩ් 19' වෛරසයට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට සඳහන් කරන බවත්, එහෙත් පවතින සම්පත් ප්‍රමාණය කළමණාකරණය කරමින් අදාළ කටයුතු සිදුකරන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා සඳහන් කළේය.
රෝගීන් පැමිණියහොත් නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව ප්‍රදේශයේ පවතින දූපත යොදාගන්නා ලෙසට තම සංගමය ඉල්ලා සිටින බවද, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හිතවතෙකු එයට අකුල් හෙළන බවද පවසා සිටියේය.
ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරිය හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට වඩා ඉදිරියෙන් සිටින බවද අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.