ගාල්ල උණවටුණ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක සේවක සේවිකාවන් 22 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවිම නිසා එම හෝටලය දින 14ක කාලයකට වසා දැමිමට උපදෙස් දුන්බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මෙකී රෝහලේ සේවක සේවිකාවන් 07 දෙනෙකුට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවූ බව පවසන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එම රෝගින් රෝහල්ගත කිරිමට පියවරගෙන ඇති බවද පවසයි.
ඉන් පසුව කළ පී.සී.ආර්. පරික්ෂණවලදි තවත් සේවක සේවිකාවන් 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ඒ මහතා පවසයි.
මේ වනවිට හෝටලයේ සේවක සේවිකාවන් 150 දෙනෙකුට වැඩි පිරිසක් හෝටලය තුළ නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 05ක ඇගලුම් සේවක සේවිකාවන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 05ක සේවක සේවිකාවන් 200 දෙනෙකු පී.සී.ආර් පරික්ෂණ වලට ලක්කොට ඇත.
එම පී.සී.ආර්. පරික්ෂණ ප්‍රථිපල අනුව ඇගලුම් සේවක සේවිකාවන් 16ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද හෙතෙම පවසයි.