උඩරට දුම්රිය මාර්ගය සඳහා අඩි 50ක් දිග මගී මැදිරි 75ක් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට අමතරව බහාලුම් ගැන් 20ක්ද මිලදී ගැනීමට නියමිතය.
ශ්‍රි ලංකා දුම්රිය සේවය වත්මන් තාක්ෂණයට උචිත වන පරිදි තාක්ෂණික පරිවරිතනයන් සිදුකරන අතර ඒයට සමගාමිව මෙම දුම්රිය ඇණියද වැඩිදියුණු කරයි.
ඒ යටතේ මෙම මැදිරි මිලදී ගැනීමට නියමිතය. ඉන්දුනීසියානු රජයට අයත් දුම්රිය සමාගමක් මෙම මැදිරි හා බහාලුම් ගැල් මිලදී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව හිමිකර ගෙන තිබේ.
මෙම කැබිනට් පත්‍රය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කර ඇති අතර ඒයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.