ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නව කොරෝනා වසංගතය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට මෙන්ම, ඔහුගේ ආණ්ඩුවේ දූෂණ චෝදනා හෙළා දකිමින් දහස් ගණනක් ජෙරුසලමේදී විරෝධතා දක්වා තිබේ.
සෙනසුරාදා රාත්‍රියේ නෙතන්යාහුගේ නිවසින් පිටතදී විරෝධතාකරුවන් පොලීසිය සමග ගැටුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ආසාදන අනුපාතයන් අඩුකිරීම සඳහා රජය දැඩි අරගලයක සිටින පසුබිමක, ගෙවීගිය සෙනසුරාදා ඊශ්‍රායලයේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පුද්ගලයන් සංඛ්‍යාව 60,000ක් ඉක්මවා තිබේ.
මිලියන 9ක ජනගහනයක් සිටින ඊශ්‍රායලයේ මේ වනවිට වසංගතයෙන් මරණ 455ක් වාර්තා කර තිබේ.
රට පුරා අගුලු දැමීමේ පළමු රටවල් අතර ඊශ්‍රායලයද සිටියත්, සිද්ධීන් නැවත පැන නැගීමට පෙර, පුපුරා යාම මැඬපැවැත්වීමට මුලදී සමස්තමක් දැක්වූ රාජ්‍යයක් ලෙසද ඊශ්‍රායලය සැලකීය.