කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සිය කොවිඩ්-19 එන්නත් බූස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාදීමේ වයස් සීමාව අවුරුදු 30ට වැඩි සියලු දෙනා දක්වා පුළුල් කර තිබේ.
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙහි තුන්වැනි මාත්‍රාව සඳහා සුදුසුකම් ලැබීමේ වයස 40 සිට 30 දක්වා අඩු කිරීමට ගත් තීරණය එහි උපදේශක විශේෂඥයින්ගේ සහ වසංගත රෝග විද්‍යා කාර්ය බලකායේ සහ එන්නත් කමිටුවේ නිර්දේශය අනුව ගත් එකක් බවයි.
එහිදී අවම වශයෙන් මාස පහකටවත් පෙරදී දෙවෙනි මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට බූස්ටර් එන්න්ත මාත්‍රාව ලබාදෙන බව කියයි.