කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සති පහක් සිය පාසල් හා විශ්ව විද්‍යාල වසා දමන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (12දා) සවස නිවේදනය කළේය.
අපේ‍්‍රල් 16දායින් අවසන් වන වාර්ෂික පාස්කු නිවාඩුවෙන් පසුව පාසල් වහාම වසා තබනු ඇති අතර, නව නියෝගයට බාලාංශය, හොස්ටල්, විශේෂ අධ්‍යාපන පන්ති සහ අවදානම් සහිත තරුණ තරුණියන් සඳහා වූ පාසල් ඇතුළත් නොවන බව කියයි.
ඊශ්‍රායලයේ කොරෝනා වෛරස රෝගීන් 109ක් මේ වනවිට වාර්තා වන අතර, බටහිර ඉවුරේ රෝගීන් 31ක් සිටින බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊශ්‍රායලය කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන බැවින් පැකිලීමකින් හා ප්‍රමාදයකින් තොරව හදිසි එක්සත් රජයක් පිහිටුවීමට නෙතන්යාහු ඇරයුම් කළේය.
"එය සීමිත කාලයක් සඳහා හදිසි රජයක් වනු ඇති. අපගේ පුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අපි එක්ව සටන් කළ යුතුයි. දේශපාලනය පසෙකට දැමිය යුතුයි. හරියටම ඒ එකමුතු ස්ථානයට යාමට කාලය එලැඹිලා" යැයි නෙතන්යාහු පැවසීය. "ජාතික වගකීම සහ පෞද්ගලික වගකීම අනෙක් සෑම කරුණක්ම ජය ගනු ඇති."
නෙතන්යාහුට හෝ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන බෙනී ගැන්ට්ස්ට පැහැදිලි බහුතරයක් ලබාදීමට මැතිවරණ තුනක් අපොහොසත් වීමෙන් පසු, වසරකට වැඩි කාලයක් තිස්සේ පවතින දේශපාලන අවුල් ජාලයක් ඊශ්‍රායලය ගිලී ඇති පසුබිමක නෙතන්යාහු වෛරසයට මුහුණදීම වෙනුවෙන් එක්වන ලෙස මෙම ඉල්ලීම කළේය.
මෙම සඳුදා පැවැත්වීමට නියමිත ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම කුඩා කණ්ඩායම් වශයෙන් සිදු කෙරෙන අතර, පාර්ලිමේන්තු සංකීර්ණය දූෂණයවීමේ අවදානම අවම කිරීම සඳහා නරඹන්නන් සහභාගී නොවනු ඇති බව කියයි.