කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ (15දා) තහවුරු කරගත් රෝගීන් 10 දෙනාගෙන් 9ක්ම නාවික හමුදා සාමාජිකයන් වෙයි.
ඉතිරි රෝගියා නාවික හමුදා සාමාජිකයෙක් හා සමීපව කටයුතු කළ අයෙකි.
ඊයේ දිනය අවසන්වන විට වාර්තා වූ රෝගීන් ගණන 935කි.
මේ වන විට රෝගීන් 477ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 449කි. පුද්ගලයන් 9ක් රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.