ඊයේ ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 12 ගෙන් 10ක්ම නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
අනෙක් දෙදෙනා නාවික හමුදා රණවිරුවන් සමීපව ඇසුරු කළ අය බවත් ඔහු පැවැසීය. අද (10දා) ඔහු මේ බව පැවැසීය.
අද දිනයේදී ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි පිරිස යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධානය කරන බවත් අද සවස මැලේසියාවේ සිට තවත් පිරිසක් ලංකාවට පැමිණීමට නියමිත බවත් ඔහු පැවැසීය.
ඇඳිරි නීතිය පවත්වාගෙන යන දිස්ත්‍රික්ක වල කටයුතු කළ යුතු ආකාරය ගැන අද සවස ජනපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.