කොවිඩ් ආසාදිත පුද්ගලයන් 401ක් ඊයේ දිනයේදී හඳුනාත් බවත් ඒ අතරින් වැඩිම පුද්ගලයන් පිරිසක් වන පුද්ගලයන් 398ක් දේශීයව හඳුනාගත් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඉතිරි පුද්ගලයින් තිදෙනා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් මුහුදු ආරක්ෂකයින් වෙයි.
ඊයේ (17දා) හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් වැඩිම පරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 201කි. ඊට අමතරව ගම්පහින් ආසාදිතයන් ආසාදිතයින් 82 ක් සහ කළුතරින් ආසාදිතයන් ආසාදිතයින් 32 ක් වාර්තා වී තිබේ.
අද (18) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇළුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 14,564 කි. ඉන් පුද්ගලයින් 8,785 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරින් ආසාදිතයන් 3,059ක් හා කොළඹ මාළු වෙළඳළින් කොවිඩ් ආසාදිතයන් 11,505ක් වාර්තා වී තිබේ.
ඊයේ (17) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,074 ක් වන අතර ඉන් පුද්ගලයින් 12,209 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (17) දින වනවිට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,799 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
අද (18) දින උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
අද (18) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3,223 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (17) දිනය තුල PCR පරික්ෂණ 8,743 ක් සිදුකර ඇත.