ඊයේ (9දා) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් තිස් පස් දෙනෙකු (35) හඳුනාගෙන ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමෙ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
පුද්ගලයින් තිස් පස් දෙනා අතරින් පස් දෙනෙකු විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු, ඉන්දියන් ජාතික නාවිකයින් දෙදෙනෙකු, කුවෙට් සිට පැමිණි එක් පුද්ගලයෙකු, මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් 24ක්, එම ඇඟළුම් කම්හලේ සේවයකයන් 3ක් හා ඉතිරි පුද්ගලයින් තිදෙනාගේ (03) ආශ්‍රිතයින් පිළිබඳ තවමත් විමර්ශන සිදුකරමින් පවතී.
මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (10) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1,083 දෙනෙකු වේ.