ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි ඊයේ (27) දින කොවිඩ් ආසාදිත මරණ 08ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මින් 05 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.
රෝහලේ දි මියගිය 05 දෙනාම පිරිමි පුද්ගලයින් වෙති.
ඔවුන් අවුරුදු,77,61,74,63 හා 77 යන වියේ පසුවන ඉමදුව, තෙලිකඩ, කෙරදේවල,, මාගාල්ල, ඇල්පිටිය, හා යක්ගහ වළහන්දුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති.
මෙකි මළ සිරුරු 05 හදිසි මරණ පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරණු ලැබිය.
අනික් තිදෙනාගෙන් දෙදෙනෙකු නිවෙස්වල දි හා එක් අයෙකු පුද්ගලික රෝහලක් වෙත රැගෙන එමින් සිටියදි මියගොස් ඇත.
මින් එක් අයෙක් 74 වියේ පසුවන අයෙකි. අනික් තැනැත්තිය 89 හැවිරිදි වියේ පසුවන දොඩන්දුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනික් පුද්ගලයා බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචිකරුවෙකි. මියගිය මෙම අයගේ හදිසි මරණ පරික්ෂක පරාගොඩ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රලාල් යාපා, රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම් සාගරිකා නිල්මිණි, මිපාවල හදසි මරණ පරික්ෂක ටි.කේ මහින්ද යන මහත්වරු හා මහත්මිය විසින් සිදුකරණු ලැබිය.
පශ්චාත් මරණ පරික්ෂණ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරින්වන යු.සි.පි.පෙරේරා, අජිත් රත්නවිර, හා සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි රවින්ද්‍ර සතාසිවිම් යන මහත්වරුන් විසින් සිදුකරණු ලැබිය.