කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ අංශයට ඊයේ (07) ලැබී තිබුණු මළ සිරුරු අතරින් 12 දෙනකුම මියගොස් තිබුණේ කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙනියආරච්චි මහත්මිය පවසයි.
ඉන් මරණ 11ක පරීක්ෂණ කටයුතු ඊයේ (07) දිනයේ දී සිදුකළ අතර එක් මරණයක පරීක්ෂණය අද (08) උදෑසන සිදුකෙරිණි.
එලෙස මියගිය පුද්ගලයන් අතරින් 07 දෙනකුගේ මරණ සිදුව ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී වන අතර අනෙක් 05 දෙනා ම නිවෙස්වල දී මියගොස් සිටි අය වෙති.
මෙලෙස මියගිය පිරිස අතර ගාල්ලේ පිටිගල පදිංචි 36 හැවිරිදි ඉංජිනේරුවරයකු සහ ගාල්ලේ හපුගල පදිංචි 93 හැවිරිදි කාන්තාවක් ද සිටියි.
ඊට අමතරව උණවටුන පදිංචි 68 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්, ගිංතොට මහ හපුගල පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයකු, මාතර හිත්තැටිය පදිංචිව සිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබූ 74 හැවිරිදිවියේ පසුවන සිව්දරු පියෙකු, මාතර දික්වැල්ලේ පදංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු, ගාල්ල කටුගොඩ පදිංචි 84 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්, ගාල්ල කන්දවත්තේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්, දෙද්දුගොඩ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් සහ ගාල්ල රිච්මන්ඩ් කන්දේ නිවසක නිරෝධායනයට යොමු වී සිටි 68 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයකු ද සිටින බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
අක්මීමණ අංකොක්කාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ මියගිය අතර එම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (08) උදෑසන සිදුකෙරිණි.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට