ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 343ක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 34ක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශිය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 309 දෙනෙ දේශියව හදුනාගත් ආසාදිතයින්ය.
ඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගින් වාර්තා වුයේ යාපනය දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 128කි.
ඊට අමතරව කොළඹින් 68ක් හා ගම්පහින් 39ක් ලෙස වාර්තා වුණි.