ඊජිප්තුවේ දුම්රිය පීලි පැනීමෙන් මියගිය සංඛ්‍යාව 11 සිට 23 දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කයිරෝවේ සිට ඩෙල්ටා නගරයක් වන මන්සෝරා දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ මැදිරි හතරක් ටූක් නගරයේදී පීලි පැනීමෙන් මෙම අනතුර සිදුවිය.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා දුම්රිය රියදුරු, සහායකයකු, දුම්රිය නඩත්තු නිරීක්ෂකයෙකු සහ තවත් 23 දෙනෙකු රඳවා තබා ගැනීමට ඊජිප්තු නීතිපති නියෝග කර තිබේ.
මීට පෙර ඊජිප්තුවේ ප්‍රවාහන අමාත්‍ය කමෙල් අල් වසීර් විසින් ජාතික දුම්රිය අධිකාරියේ සභාපති ධුරයෙන් නෙරපා හරින ලද අතර, එහි සෙසු ඉහළ නිලධාරීන් නවදෙනා නැවත සේවයේ පිහිටුවීම සඳහා තීරණ ගණනාවක් නිකුත් කළේය.
"මෙම තීරණවල අරමුණ හුදෙක් අධිකාරියේ නායකත්ව වෙනස්කම් පමණක් නොව, දුම්රිය ජාලය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා නව නිපුණතා අවශ්‍ය වන ඉදිරි අදියරෙහි ඉල්ලීම් සපුරාලීමයි" අමාත්‍යවරයා පැවසීය.