ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ හදිසි අනතුරින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තවත් 165 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රජය තහවුරු කරයි.
ගිලන් රථ 70කට අධික ප්‍රමාණයක් එම ස්ථානයට යවා ඇති බවත්, කයිරෝ අගනුවර සිට ටහ්ටා දිස්ත්‍රික්කයේ සිදුවූ සිද්ධියට ශක්තිමත් වෛද්‍ය කණ්ඩායම් යවා ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය හලා සයීඩ් ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය විශේෂඥයන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම් 52ක් සමග කයිරෝවේ සිට ගුවන් යානා දෙකක් පිටත් කර යවා ඇති බවයි.
මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් හදිසි තිරිංග ඇදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඊජිප්තුවේ දුම්රිය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.