ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඊයේ (21දා) රාත්රියේ ඇදහැළුණු අධික වර්ෂාව සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22දා) අලුයම සිට ස්වයංක්රීයව විවෘත වී තිබේ.
හෝටන්තැන්න, ඩයගම යන ප්රදේශවලට ඊයේ රාත්රියේ අධික වර්ෂාවක් පතිත වී ඇති අතර, ඒ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.
එම ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් වැසි ලැබුණොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්රීයව විවෘත වන බැවින් ජලාශ වේලලට පහළින් කොත්මලා ඔය අවට පදිංචිකරුවන් දැඩි විමසිමත්ව සිටින ලෙස එම ජලවිදුලි බලාගාර ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.
(හැටන් - රංජිත් රාජපක්ෂ)