සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් 3කුට එක් අයෙකුට ඩිරාම් 500000 (රුපියල් කොටි 2.5) බැගින් දඩයක් ගෙවන ලෙස ඩුබායි අධිකරණයක් නියෝග කර තිබේ.
ඩුබායිහි තරු පහේ හෝටලයක ආරක්ෂක භටයින් ලෙස සේවය කළ අවුරුදු 28ත් - 34ත් අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට මෙසේ දඩ ගෙවන ලෙස නියෝග කර තිබේ.
ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා එල්ල කර තිබේ.
මේ සම්බන්ධයේ පළමුව ඩුබායි අධිකරණය නියෝග කළේ දඩ මුදල් ගෙවා විත්තිකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍ය යෙන් පිටුවහල් කරන ලෙසයි.
කෙසේ වෙතත් මේ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට ලබාදුන් කාලය තුළදී චෝදනා ලත් පුද්ගලයන් අභියාචනා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මුලින් ලබාදුන් තීන්දුව අවසන් තීන්දුව බවට ප්‍රකාශයට පත්ව තිබේ.
මෙම නඩුව පසුගිය වසරේ මැයි 19 දා මුලින්ම විභාගයට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ විවිධ දෑ පළකර තිබූ බව අල් බර්ෂා පොලීසිය නඩු විභාගයේදී සඳහන් කළේය.
නඩු විභාගයේදී ඔවුන්ගේ දුරකතන වලින් ලබාගත් පණිවිඩ හා ඡායාරූප සාක්ෂි වශයෙන් භාවිත කර තිබේ.
මුලින්ම නඩු විභාගය තුළද ඔවුන් සඳහන් කර ඇත්තේ ඉස්ලාමයට අපහාස කිරිමේ චෝදානා ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ත්රස්තවාදයට එරෙහිව අදහස් පළකළ බවත්ය.
කෙසේ වෙතත් ඩුබායි මාධ්‍ය වාර්තා කළේ නඩු විභාගය අතරතුළදී ඔවුන් අදාළ චෝදනා පිළිගත් බවයි.
ඛලීජ් ටයිම්ස් ඇසුරෙනි