හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේදී පිළිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ ඉෂාලිනී ජූඩ් නම් 16 හැවැරිදි දැරිය රැඳි සිටි කාමරය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ග් දැඩි පරීක්ෂාවට ලක්ව තිබේ.
මෙහිදී එම කාමරයේ තිබූ බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ වැකියක් සඳහන් කර ඇති අතර එහි සිංහල අරුත වී ඇත්තේ ‘මගේ මරණයට හේතුව’ යන්නයි.
මෙම වැකිය සහිත බිත්තියේ ඡායාරූපයක් ලබාගෙන ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අකුරු පිළිබඳ විශේෂඥයින් මෙම අකුරු ඉෂාලිනී දැරියගේමදැයි යන්න සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
එය සනාථ කර ගැනීම සඳහා ඇයගේ පාසල් පොත් කිහිපයක්