පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි දැරිය රැඳී සිටි කාමරය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, ඇඟිලි සටහන් විශේෂඥයින් හා ගිනි ගැනීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක විසින්ද පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
එම නිවසේ රැදී සිටි දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ පවත්වයි.
එසේම දැරියගේ මරණය සම්බන්ධයෙන් රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා හා තරැව්කරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වන විට රඳවාගෙන ප්රශ්න කරයි.