දැදුරු ඔය දෙපස ඉවුරු ඛාදනය ශ්රීඝ විමෙන් ආසන්නයේ දෙපස පිහිටි පුද්ගලික ඉඩම් රැසක් ඛාදනය ලක් වි තිබෙන බව ඉඩම් හිමිකරුවන් පවසති .
මෙම ඉවුරු ඛාදනය ශ්රීඝ්ර වි ඇත්තේ දැදුරු ඔය මුහුදට වැටිම සිදුවන හලාවත ආසන්නයේ පිහිටි මානුඅංගම ,තිත්තමඩම , ජයබිම , ගම්මාන වල පිහිටි පුද්ගලික ඉඩම් බව පැවසෙති .
මේ ඉවුරු ඛාදනය උග්‍ර විමත් සමග මේ වනවිට පුද්ගලික ඉඩම් වල පොල් ගස් 1,000 ක් පමණ මේ වනවිට විටින් විට දැදුරු ඔයට ගසාගෙන ගොස් ඇති බව කියයි.
ඉවුරු ඛාදනය හේතුවෙන් ජයබිම සිට ගමන් හය වැනි පටුමග ගම්මැද මාර්ගයද මේ වනවිට ඛාදනය විමේ අවදානමට ලක් වි ඇති බව කියති.
දැදුරු ඔය ඛාදනය විමත් සමග යම් තරමින් පුත්තලම කොළඹ ප්‍රධාන පාලමද අවදානමට ලක්විමේ ඉඩක් ඇති බව ජනතාව පවසති.
ඒ සමඟම ඉවුරු ඛාදනය හේතුවෙන් නිවාස අතහැර වෙනත් ප්‍රදේශ වලට යාම සිදුව ඇති බවද පැවසේ.
මෙම ඉවුරු ඛාදනය පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් අතිරේක ලේකම් එච්.එම්.එස් .පි . හේරත් මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකි.
“ මේ ඉවුරු ඛාදනය උග්‍ර විමත් සමග පුද්ගලික ඉඩම් රැසක් ඛාදනයට ලක්වි තිබිම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවෙදි විශේෂ තිරණයක් ගත්තා භූවිද්‍යා හා පතල් කැනිම් කාර්යාංශය , මහාමාර්ග දෙපාර් තමේන්තුව , හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතන වල නිලධාරින් එක්වි මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා” යැයි ඔහු පැවසිය .