ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් අද (21දා) ශ්‍රී ලංකාව හරහා ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට උත්සාහ කළ ඉරාන ජාතික මවක් සහ දුවක් අත්අඩංගුවට ගෙන නැවතත් ඉරානයට පිටුවහල් කිරීමට කටුනායක ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.
ඉරාන ජාතික 65 හැවිරිදි මව සහ 37 හැවිරිදි දුව අද අලුයම 4.15 ට බහරේනයේ අබුඩාබි නුවර සිට පැමිණි ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී.එෆ්.- 138 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ, තමන් බ්‍රිතාන්‍ය ජාතිකයන් බව හගවමින් එරට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමගින්ය.
එහෙත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ විමසිලිමත්භාවය සහ ඔවුන් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍ර වල ඇති සියුම් වෙනස්කම් නිරීක්ෂණය කර , මොවුන් දෙදෙනා ඉරාන ජාතිකයන් බව හදුනා ගෙන තිබේ.
පසුව ඔවුන් දෙදෙනා පැමිණි එම ගල්ෆ් එයා ගුවන් සේවයේ යානයෙන්ම , අලුයම 5.15 ට යළිත් බහරේනයේ අබුඩාබි බලා පිටුවහල් කර පිටත් කර හැරීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි.
ටී.කේ.ජී. කපිල