ඉරානයේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 100ක් පමණ සිටින බව රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
මේ වන විට ඉරානයේ ඇතිව තිබෙන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
අද පෙවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.