හලාවත ඉරණවිල අඹකදවිල ප්‍රදේශයේ පවුල් 23ක 70 වකට ආසන්න පිරිසක් දින 14 ක ස්වයං නිරෝධායනට ලක් කිරිමට ඊයේ දින දහවල් තහවුරු වි ඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ අදාල පිරිස නිරෝධායනයට යොමු කිරිමට හේතු වි ඇත්තේ ඉරණවිල අඹකදවිල දේවස්ථානයේ පුජකයාගේ අවතේවකරු කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමගය.
මෙම දේවස්ථානයේ පුජකවරයාට ආවතේව කටයුතු කල 34 හැවිරිදි අදාල පුද්ගලයාට උණ ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග හලාවත මහ රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කිරීමේන් පසුව සිදුකල පි.සි.ආර් පරික්ෂණ වලදී තහවුරු වි ඇති බව කියයි.
අදාල ආවතේවකරු කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමග පුජකවරයාද දේවස්ථානය තුලම ස්වයං නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කල බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.
මෙම නිරෝධායනයට ලක් කල පිරිස් හලාවත මුලස්ථාන පොලිසියේ නිසි අධික්ෂණය යටතේ සෞඛ්‍ය අංශ නිරික්ෂණය යටතේ නිරෝධායකයට යොමු කර තිබුනී.