ඉරණවිල ඇමෙරිකන් හඬ කොරෝනා ප්‍රතිකාර ඒකකයට අද ( 15) රාත්‍රියේ යාපනය පලාලි සිට තවත් ආසාදිතයින් සිවු දෙනෙකු රැගෙන ආ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මෙසේ යාපනය පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඉරණවිල කොරෝනා ප්‍රතිකාර ඒකකයට රැගෙන විත් ඇත්තේ යාපනය ප්‍රදේශයේ දේව ගැතිවරයකුගේ යාඥා දේව මෙහෙයට එක්වු පිරිසෙන් සිවු දෙනෙකු බව කියයි.
මෙම පිරිස අවුරුදු 18, 25 , 30 , 50 සිමාවල පිරිමි පුද්ගලයින් සිවු දෙනෙකු බව කියයි.
මොවුන් යාපනයේ සිට යුද හමුදා ආරක්ෂාව යටතේ ගිලන් රථ මගින් රැගෙන එම අද ( 15) රාත්‍රි 7 ට පමණ සිදුවිනි .