උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලශයේ වාන් දොරටු විවෘත කිරීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයේ අද (07දා) සිදුවිය.
ඉරණමඩු වාරි ව්‍යාපෘතියද මෙහිදී ජනතා අයිතියට පත්කළ අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 2178 කි.
මොරගහකන්ද ජලාශය ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙවන පියවර වශයෙන් කිලිනොච්චිය ඉරණමඩු ජලාශය ප්‍රතිශංස්කරණය කිරීමට ජනාධිපති විසින් පියවර ගැනින.
පසුගිය දිනවල ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නව පැවතීම හේතුවෙන් අද දින මෙසේ වාන් දොරටුවක් ජනාධිපති අතින් විවෘත කිරීමට පියවර ගන්නා ලදි.