පසුගිය 07 වනදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන්දොරටුවක් විවෘත කිරීමෙන් පසුව අද අළුයම වනවිට ජලය වැඩි වීම හේතුවෙන් වාන් දොරටු 08 ක් අගල් හතර බැගින් විවෘත කිරීමට පියවර ගත් බව කිළිනොච්චිය දිස්ත්රික් වාරි ඉංජිනේරු කාර්යාලය පැවසීය.
ඉරණමඩු ජලාශයේ වාන් ජල මට්ටම අඩි 36ක් වන අතර මේ වන විට එහි අඩි 36.5 දක්වා ජලය ඉහළයෑම හේතුවෙන් මෙලෙස වාන්දොරටු විවෘත කළ බව එම කාර්යාලය සඳහන් කළේය.
මේ අනුව ප්රතිසංස්කරණය කිරීමෙන් පසු අක්කර 21,000 භූමි ප්රමාණයකට පුළුල්වූ අතර පසුගිය දින කිහිපයේ ඇදහැලූණු අධික වර්ෂාව හේතුවෙන් පිරී වාන් දැමීම සිදු වූ බව ප්රදේශවාසීහු සඳහන් කරති.
කෙසේ වෙතත් ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම තුළින් මෙතෙක් කිසිවෙකුට ආපදා තත්වයක් නොමැති බවත් කිළිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය පවසයි.