කිළිනොච්චිය ඉරණමඩුව ජලාශයේ වානේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඊයේ සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව කිළිනොච්චිය පොලීසිය පැවසීය.
කිළිනොච්චිය පොලීසිය පැවසූවේ යාපනය චාවකච්චේරි, මීසාලෙයි ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි එන්. ඩිලක්ෂන් නමැති පුද්ගලයෙකු එලෙස දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ප්රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජලය පිරුණු ඉරණමඩුව වැවේ වාන්දොරටු පසුගිය 07 වැනිදා විවෘත වූ අතර ඊයේ දිනයේදීද වාන් දොරටු අටක් විවෘත කොට තිබි ඇති අතර, වාන්දමන ජලයේ දිය නෑමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා ජලයේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූවේ වාන් දමන ඉරණමඩුව වැව නිරීක්ෂණයට විශාල පිරිසක් ඊයේ (09) එක්ව සිට ඇති අතර, එලෙස පැමිණි පිරිස් අතරින් කුඩා දැරියකද වාන් ජලයට වැටුණද අසල සිටි තරුණයින් එම දැරියගේ ජීවිතය බේරාගෙන ඇති අතර ඉරණමඩු ජලාශයේ වානෙන් පුද්ගලයෙකු දිය නෑමට ගිය අවස්ථාවේදී එම තරුණයා දියේ ගිලීමෙන් මෙම සිදුවීම සිදු ඇති බවයි.