ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලා ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් ගිණුම වාරණයට ලක්කිරීම පසුපස තමා සිටින බවට හඟවමින් ෆේස්බුක් තුළ ව්‍යාජ කරුණු හුවමාරුවීම සම්බන්ධයෙන් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ, මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
අද (09දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
“මම මේකට සැක සහිත පුද්ගලයන් තිදෙනෙකු නම් කළා. ඉන් දෙදෙනෙකුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමට ගියාම ජනපති ලේක්ම් කාර්යාලයේ සේවය කරනවා. අනෙක් පුද්ගලයෙක් 19 හැවැරිදි තරුණයෙක්. ඔහු ප්‍රභල දේශපාලඥයෙකුගේ පිටුවක වක්‍රව කටයුතු කරන කෙනෙක්.” යැයි ඔහු සඳහන් කළේය.
එසේම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ කරුණු 6ක් යටතේ තමන් සිය පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.