උතුරු ඉරාකයේ කුර්දිස්තානයේ අර්ධ ස්වයං පාලන කලාපයේ අගනුවර වන එර්බිල් ගුවන්තොටුපලේ එක්සත් ජනපද ප්රමුඛ සන්ධාන හමුදා කඳවුරකට බදාදා පුපුරන ද්‍රව්‍ය යෙදූ ඩ්‍රෝන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කුර්දි ප්‍රාදේශීය බලධාරීන් එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ සිදුවූ මෙම පිපිරීම පිළිබඳව සොයා බැලූ අතර, එය පුපුරණ ද්‍රව්‍ය යෙදූ ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදුකළ ප්‍රහාරයක් බව අනාවරණය කරගෙන තිබුණි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, එසේම ප්‍රහාරයේ වගකීමද මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැත.