චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් මාත්‍රාව 50,000ක් අද (02දා) ඉරාකයට පැමිණ තිබේ.
ඉරාක සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ සියලුම පළාත්වල ජනතාවට මෙම එන්නත් නොමිලේ ලබා දෙන බවයි.
එසේම චීනයේ සීනොෆාම් කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් මාත්‍රා 50,000ක් ලෙබනනයට පරිත්‍යාග කරන බව පවසයි.
මූල්‍ය අර්බුදයක ගිලී සිටින ලෙබනනය, ලෝක බැංකුවේ ආධාරයෙන් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙහි මාත්‍රාවක් සමග පසුගිය මාසයේදී සිය එන්නත් කිරීමේ මෙහෙයුම දියත් කළේය.
මීට අමතරව කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන රජය විසින් ඊජිප්තුවට දෙවැනි සීනොෆාම් එන්නත් තොගය ලබාදෙන බව ඊජිප්තුවේ චීන තානාපති ලියාඕ ලිකියැන්ග් ඊයේ (01දා) පැවසීය.
මෙහි පළමු වැනි එන්නත් තොගය පසුගිය පෙබරවාරි 22 වන දින පැමිණ ඇති අතර, දෙවැනි එන්නත් තොගයට ඇස්තමේන්තුගත මාත්‍රාවන් 300,000ක් අඩංගු වන බව ලියාඕ සඳහන් කළේය.