ඉන්දු- ශ්රී ලංකා ධීවර ගැටලු විසඳීමට වන සාකච්ඡා 25 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම මේ වන විට නිල වශයෙන් තහවුරු කර තිබේ.
තෙසේ නමුත් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මීට ඉහතදී සඳහන් කළේ ශ්රී ලංකා නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් නිදහස් කරන්නේ නම් පමණක් ධීවර සාකච්ඡාවලට ඉන්දීය ධීවර නියෝජිතයින් සහභාගීවනු ඇති බවය.