මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් 129 දෙනා නීතිපති උපදෙස් මත මේ සතිය තුළ මුදාහැරීමට කටයුතු කරන බවත්, ඔවුන් සතු යාත්‍රා සහ දැල් ආම්පන්න රාජසන්තක කරන බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙම ධීවරයන් මුදාහැරීමට සාපේක්ෂව ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටිනා මෙරට ධීවරයන් 54 දෙනාත් මුදාහැරීමට නියමිත බවද ඒ මහතා පවසා සිටියේය.