ඉන්දු- ලංකා ධීවර සාකච්ඡාවලින් අනතුරුව ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම වර්ධනය කර ඇත. ඒ අනුව ඊයේ (03) රාත්රියේදී මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී අයුරින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 30දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ.
මෙම ධීවර යාත්‍රා 8 කින් පැමිණ සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවැසීය. මෙම ධීවරයින් ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේ මසුන් අල්ලමින් සිටි බවද හෙතෙම සඳහන් කළේය. සාකච්ඡාවලින් පසුව ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ තෙවැනි අවස්ථාව මෙය වෙයි.