රටතුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත්, ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඉන්ධන හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් අතිකර නොගන්නා ලෙසත්, කිසිඳු හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුවන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.