ඉන්ධන මිල වැඩිකිරීමට තමන් යෝජනා නොකළ බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඉන්ධන මිල වැඩිකිරීමට තමන් යෝජනා කළ බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
මේ වන විට බොරතෙන් බැරලයක මිල ඩොලර් 58ක් ඉක්මවා ගොස් ඇති හෙයින් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩු විදින බව තමන් පෙන්වා දුන්නේ යැයිද ඔහු පවසයි.
භාණ්ඩාගාරය පනවා ඇති බදු අඩු නොකරන්නේනම් තෙල් මිල වැඩිකිරීමට සිදුවන බව තමන් පෙන්වා දුන් බවද ඔහු පවසයි.
මෙම අවස්ථාවේදී ඉන්ධන මිල ඉහළ දැමිය නොහැකි බවින් භාණ්ඩාගාරය විසින් පනවා ඇති බදු අඩු කළ යුතු බවට ජනපතිවරයා යෝජනා කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.