ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව එහි වාසිය ජනතාවට ලැබිය යුතු බව මුදල් අමාත්‍යාංශය නිවේදනක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු, පාසල් ළමුන් ප්‍රවාහන වාහන ගාස්තු අඩුවිය යුතු බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම ධීවර අංශයේද ඉන්ධන මිල අඩුවිමේ සහනය ජනතාවට ලබාදිය යුතුව ඇති බව පෙන්වා දෙන මුදල් අමාත්‍යාංශය එසේ සහන ජනතාවට ලබාදීම වෙනුවෙන් රජය අදාළ අංශ සමග එක්ව කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.