ඉන්දියාවේ හිටපු ජනපති ප්රනාබ් මුකර්ජී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 84 වැනි වියෙහි පසුවිය.
හිටපු ජනාධිපතිවරයා පසුගියදා මොළයේ රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමකට බඳුන්ව තිබුණු අතර, පසුව ඔහු නවදිල්ලියේ යුද හමුදා රෝහලේ වෙන්ටිලේටර්ස් ආධාරයෙන් දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බව වාර්තා විය.
මුඛර්ජිගේ ට්විටර් ගිණුමේ එවකට පළ වූ පණිවුඩයකින් කියා තිබුණේ, රෝහලට පැමිණීමෙන් පසු තමාට කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ බවත්, තමන් සමග සම්බන්ධ වූ අයට ස්වයං හුදෙකලා වන ලෙසත්ය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඊයේ මෙසේ සිය දිවි ගමනට සමුදී ඇති අතර, ඔහුගේ අභාවයෙන් සමස්ත ඉන්දියාවම ශෝකයට පත්ව ඇති බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබුණි.
කෙසේ වෙතත් ප්රනාබ් මුඛර්ජිගේ අභාවය කොරෝනා වෛරසය හේතුවෙන්ද, නැතන්ම් මොළයේ සැත්කමින් පසුව ඔහු සිටි අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් සිදුවූවද යන්න පැහැදිලි කර නැත.