ඉන්දියාවේ ඇතිවී තිබෙන මාරාන්තික කොවිඩ්-19 ව්‍යසනය හමුවේ එරට වෛද්‍යවරුන් සහ හෙදියන් විශාලතම සාධකය බවත්, ඔවුන් මේ වනවිට දැඩි වෙහෙසක් හා ආතතියක් යටතේ කටයුතු කරන බවත් එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඉන්දියාවේ මේ වනවිට දැඩි වෙහෙසකට හා ආතතියකට පත්ව සිටින පිරිස කවුද කියා ඇසුවොත්, ඒ වෛද්‍යවරුන් සහ හෙදියන් බව එරට ඇපලෝ රෝහල්වල ඒකාබද්ධ කළමණාකාර අධ්යක්ෂ සංගීතා රෙඩ්ඩි පැවසීය.
"අපි මේ වනවිට කොවිඩ්-19 සඳහා ඇඳන් 4,500කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් නිවාස සත්කාර හා ටෙලි මෙඩිසින් ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. අපි තවත් හෝටල් කාමර 3,500කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන, රෝගීන් අධීක්ෂණය කිරීම සඳහා වෛද්‍ය උපකරණ සහ සායනික වෛද්‍යවරුන් එහි තබා තිබෙනවා. නමුත් සෑම දිනකම රෝගීන් වැඩිවෙනවා." ඇය සඳහන් කළාය.
එමෙන්ම ඔක්සිජන් සැපයුම දැඩි අභියෝගයක් බවද සඳහන් කළ ඇය, ඉල්ලුම සපුරාලීම සඳහා ඉන්දියාව ඔක්සිජන් නිෂ්පාදනය සඳහා වෙනත් රටවල ආධාර සමග කටයුතු කරනමින් සිටින බවක කියා සිටියාය.
කෙසේ වෙතත් මෙවැනි වසංගතයක් හමුවේ ජනතාවගේ වගකීම හැකි සෑම අයුරකින්ම මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීම බව ඔවුන් පෙන්වා දෙයි.
නිසි මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පුරුදු පවත්වමින්, තමනුත්, තම වටපිටාවේ සිටින අයවත් ආරක්ෂා කරගැනීමට ජනතාව පෙළ ගැසෙන්නේ නම්, වෛද්‍ය සහ හෙද වෘත්තිකයන් මේ දිනවල විඳින ඒ දැඩි වෙහෙසකරබව හා ආතතිය දුරු කිරීමට ඔබද දායක වූ බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.