දැනට පවතින COVID-19 වසංගතය සහ කලාපයේ සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.
වසංගතයේ බලපෑම් අවම කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහතික විය.
ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා තම රජය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මහතා අගමැතිවරයාට කරුණු දැකවා තිබේ. මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආධාර ලබන සංවර්ධන ව්‍යාපෘති වේගවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නායකයන් දෙදෙනාම එකඟ වූහ.
ඉන්දීය පෞද්ගලික අංශය විසින් ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ හැකියාව සහ අගය එකතු කිරීම පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කළහ.