ඉන්දියාවේ දෛනිකව වාර්තා වූ 90,000ක් ඉක්මවූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 10,000ක් දක්වා පහළ යෑමේදී සැබෑ ලෙසම සිදුවූයේ කුමක්ද යන්න ගැන විශේෂඥයෝ උපකල්පන ඉදිරිපත් කර තිබේ.
එහිදී රටේ තරුණ ජනගහනය හෝ නාගරික ප්‍රදේශවල ප්‍රතිශක්තිය ඉහළ යාමේ හැකියාව ආදී වශයෙන් මෙසේ ආසාදන සංඛ්‍යාව පහත වැටීමට හේතු සාධක කිහිපයක් ඇතැයි විශේෂඥයෝ පවසති.
එමෙන්ම මේ වනවිට වාර්තා වන ආසාදිතයන් ගණනය යථාර්ථය පිළිබිඹු නොකිරීමේ හැකියාවක් ඇතැයිද ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන්ම පරීක්ෂණ අනුපාත පහත වැටී ඇති අතර, එයින් අදහස් කරන්නේ තවත් ආසාධිත අවස්ථා හඳුනා නොගන්නා බව යැයි ඔවුහු පවසති.
සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව දෛනිකව කොවිඩ්-19 පරීක්ෂණ මිලියනයකට වඩා පවත්වමින් සිටියේය. රජයේ ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනය වන ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ (ICMR) දත්තවලට අනුව, පෙබරවාරි මාසයේදී එම සංඛ්‍යාව දෛනිකව 600,000ත් - 800,000ත් අතර ප්‍රමාණයකට පහත වැටී තිබේ.
එසේම ආසාදන අඩුවීමට ඉඩ ඇත්තේ එන්නත් කිරීම නිසාම නොවන බවද කියයි. මන්දයත් අගෝස්තු මාසය වන විට මිලියන 300 ක ජනතාවකට එන්නත් කිරීමේ අරමුණින් ඉන්දියාව සිය එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළත්, බටහිර රටවල් හා සසඳන විට එය තවමත් පසුගාමීය. මේ පිළිබඳ දත්ත රැස්කිරීමේ වෙබ් අඩවියකට අනුව මේ වනවිට එරට පුද්ගලයින් 100කට එක් මාත්‍රාවකට වඩා අඩු ප්‍රමාණයක් පරිපාලනය කර ඇත.
මෙහිදී පරීක්ෂණ ධනාත්මක අනුපාතය සැලකිල්ලට ගැනීම වඩාත් වැදගත් වෙයි. එනම්, පවත්වන ලද සියලුම පරීක්ෂණවලින් කීදෙනෙකු වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තිබෙනවාද යන්නයි. එය 2021 ජනවාරි මාසයේ 6%කට ආසන්න මට්ටමක් සහ පෙබරවාරි අග වනවිට 5%කට වඩා ඉහළ මට්ටමක පවතී. ඒ අනුව ඉහළ ධනාත්මක අනුපාතයකින් ඇඟවෙන්නේ රට පුළුල් ලෙස පරික්ෂාවක් නොකරන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම යටතේ, නැවත විවෘත කිරීමට පෙර රටවල්වල පරීක්ෂණ ධනාත්මක අනුපාතය 5% හෝ ඊට අඩු විය යුතුය. මෙය කොවිඩ්-19 ආසාදිතයන් දැන් අඩු බවට ගණනය කිරීම් ඉදිරිපත් කරන ලොව බොහෝ රටවල අවධානයට ලක්විය යුතු තර්කයකි.