ඉන්දියාවේ රැඳවුම් කඳවුරුවල වාසය කළ ශ්‍රී ලාංකික සරණාගතයෝ 27 දෙනෙක් අද (07දා) කටුනායක ගුවන්තොටුපොළින් යළිත් දිවයිනට පැමිණියහ. පසුගිය යුද සමයේදී එයට බියෙන් ඉන්දියාව වෙත පලා ගොස් සිටි පිරිසක් යළිත් සිය මව්බිමට පැමිණ තිබුණි.
ඉන්දියාවේ චෙන්නායි සිට සිට අද පෙරවරු 10.55 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් සරණාගතයන් 07ක් ද, දහවල් 11.10 ට මදුරෙයි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 138 දරන ගුවන් යානයෙන් සරණාගතයන් 07 ක් සහ ට්‍රිචි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් සරණාගතයන් 13ක් ද වශයෙන් මෙම පිරිස දිවයිනට පැමිණියහ.
මෙසේ පැමිණි පිරිස ගුවන්තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාරයට ගැනීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සහ ඔවුන්ගෙන් මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගැනීමට ජාතික රහස් තොරතුරු ඒකකයට භාර දී තිබූ මෙම පිරිස යළිත් දිවයිනනට ගෙන්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසම සහ ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමෙන් අමාත්‍යාංශයේ සහාය හිමි වී තිබිණි.
ටී.කේ.ජී. කපිල