ඉන්දියාවේ සිට උතුරට රැගෙන එන ලද කේරලගංජා දිවයිනේ වෙනත් ප්රදේශයන් වෙතට ප්රවාහනය කරන ප්රභල ජාවාරම්කරුවන් දෙදෙනෙකු කේරල ගංජා තොගයක් සමගම අද (27) අලුයම් කාලයේදී වන්නි යුදහමුදා බුද්ධිඅංශ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
වන්නි යුදහමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂකාර්ය බලකායේ සෙබලුන් පිරිසකගේද සහභාගීත්වයෙන් වව්නියාව අල්ෆානගර් ප්රදේශයේදී අද අලුයම් කාලයේදී උපායදූතයෙකු මාර්ගයෙන් මෙම සෝදිසි වැටලීම සිදු කොට ප්රධාන සැකකරුවන් දෙදෙනෙකු සමගින් කේරල ගංජා කිලෝ දෙකහමාරකට ආසන්න ප්රමාණයක් සමග අත්අඩංගුවට ගැනීම සිදු විය.
එහිදී ජාවාරම්කරුවන් විසින් කේරල ගංජා රැගෙනවිත් ළිඳක් ආසන්නයේ කපන ලද වලක සඟවා බෙදාහැරීම සිදු කොට ඇති අතර එම ජාවාරම දිගුකලක සිට සිදු කොට ඇති බවටද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 ත් 20 ත් වයස්හි පසුවන පුලියන්කුලම් ප්රදේශයේ පදිංචිකරුවන් වනඅතර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා වව්නියාව පොලීසියට භාරදීමට වන්නි යුදහමුදා බුද්ධිඅංශ නිලධාරීන් හා පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් පියවර ගනු ලැබීය.