දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
වේගයෙන් පැතිරෙන කොවිඩ් -19 වයිරසය නිසා පනවා ඇති සංචාරක හා වෙනත් සීමාකිරීම් සැලකිල්ලට ගනිමින් විදේශ සබඳතා අමාත්‍යාංශයේ හා බුද්ධ ශාසන අමාත්‍යාශයේ සම්බන්ධීකරණය යටතේ මෙම පියවර ගනිමින් සිටින්නේ යැයිද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම වන්දනාකරුවන්ගෙන් බොහෝ දෙනකු ඉදිරි දින කිහිපය තුළ නවදිල්ලිය හා චෙන්නායි නුවර හරහා යළි ලංකාවට පැමිණීමට නියමිත අතර ගුවන් ප්‍රවේශ පත්‍ර වෙනස් කරවාගැනීමට අදාළ ගුවන්සේවා සමාගම් සමඟ සාකච්ඡා කිරීමද ඇතුළුව එම වන්දනාකරුවන් යළි පිටත්කිරීමේ කටයුතුවලට ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පහසුකම් සපයන බවද විදේශ සබදතා අමාත්‍යාංශය සඳහන් කරයි.