උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි බල ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කරන්නේ විවෘත හා විනිවිද භාවයෙන් බවත් ඒ හරහා තෙවන පාර්ශ්වයකට ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති නොවන බවත් චීනයේ සිනෝසෝර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියා පටිපාටිවලට අනුකූලව ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන බවද එම සමාගම සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය සඳහා තෙවන පාර්ශ්වයක් (ඉන්දියාව) කරුණු දැක්වීම පිළිබඳව පැහැදිලි කිරිමක් කරමින් ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ටෙන්ඩර් රෙගුලාසි වලට අනුවො වගකිව යුත්තේ ව්‍යාපෘතිය ඉදිකිරීමට හා භාරදීමට පමණක් බවත් සියළුම පියවරයන් සේවායෝජකයා (ලංකා විදුලිබල මණ්ඩලයේ) පූර්ණ අධීක්ෂණය හා කළමනාකරණය යටතේ පවති බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඕනෑම තෙවන පාර්ශවයක් විසින් නෛතික හා සත්‍යවාදී පදනමක් නොමැතිව කරන ඕනෑම කෝපාවිෂ්ට මැදිහත්වීමකට සමාගම තදින්ම විරුද්ධ බවත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියා පටිපාටීන් දැඩි ලෙස අනුගමනය කරනු ඇති බවත් සමාගම පෙන්වා දෙයි.
“ ඊනියා "ස්වයං සුරක්ෂිතභාවය" හේතු කොට ගෙන ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ තීරණයට එරෙහිව තෙවන පාර්ශවයක් විරෝධය පළ කළ බවත්, කරුණු වලට පටහැනි ව්‍යාජ තොරතුරු මාලාවක් සම්පාදනය කළ බවත්, එය සමාගමට බරපතල ලෙස බලපා තිබෙනවා. එසේම එය ශ්‍රී ලංකා රජයේ කීර්ති නාමයටත් හානි සිදුකරනවා.
ඩෙල්ෆ්, අනලයිතිව්, නයිනතිව් පිටත දූපත් වල වෙසෙන ග්‍රාමීය වැසියන් 10,000 කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවන රටාව නංවාලීම සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ සංකල්පයක් ඇතිව, පෙර ශ්‍රී ලංකා රජය ණය යෝජනාවක් ආසියානු සංවර්ධන බැංකුවට ඉදිරිපත් කරන ලදී.
ව්‍යාපෘතියේ ප්‍රධාන අන්තර්ගතය වන්නේ මුල් ඩීසල් උත්පාදක බල සැපයුම ප්‍රතිස්ථාපනය කිරීම, දූපත් වල පදිංචිකරුවන් සඳහා විදුලිබල තත්ත්වය වැඩිදියුණු කිරීම, පුනර්ජනනීය බලශක්තිය පූර්ණ ලෙස භාවිතා කිරීම සඳහා සුළං-ප්‍රකාශ වෝල්ටීයතා බලශක්ති ගබඩා දෙමුහුන් විදුලි උත්පාදන පද්ධතියක් ගොඩනැගීමයි. ඉන්ධන බලශක්ති උත්පාදනය සඳහා වන පිරිවැය අඩු කිරීමට සහ හරිත, අඛණ්ඩ සහ ස්ථාවර බලයක් සැපයීමේ අරමුණු ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
මේ සඳහා SRI- 3409 අංකිත ණය ව්‍යාපෘතිය ADB විසින් අනුමත කරන ලදී. ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම 2016 දී ආරම්භ කරන ලදී.
මුලදී මෙම ව්‍යාපෘතිය 2017 නොවැම්බර් 16 වන දින ප්‍රචාරය කරන ලද්දේ ADB සහ GOSL හි මඟ පෙන්වීම යටතේ ජාත්‍යන්තර ලංසුකරුවන්ට සහභාගී වීමට ආරාධනා කරමිනි. කෙසේ වෙතත්, 1 වන ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියාවලියේදී, ලංසුකරුවන් කිසිවෙකු සුදුසුකම් නිර්ණායකයන්ට අනුකූල නොවන නිසා ප්‍රසම්පාදනය සාර්ථක නොවීය. එබැවින්, ලංසුව 2019 ජුනි 27 වන දින නැවත ටෙන්ඩර් කරන ලද්දේ එම ADB ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් සමඟ ය. ජාත්‍යන්තර ලංසුකරුවන්ට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ඉදිරිපත් විය. අන්තර්ජාතික ලංසුකරු ලෙස 2019 සැප්තැම්බර් 18 වන දින සිනෝසෝර් සිය යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, අවසානයේ ලංසු ඇගයීම සම්මත කර 2021 ජනවාරි 18 වන දින කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. ජයග්‍රාහී ලංසුකරු විසින් සේවායෝජකයාගේ (ලංකා විදුලිබල මණ්ඩලය) අධීක්ෂණය හා කළමනාකරණය යටතේ වසර 2 ක් (දින 730) ඇතුළත ව්‍යාපෘතිය සම්පූර්ණ කර පසුව ලංවිම වෙත භාර දිය යුතුය.
ශ්‍රී ලංකාවේ පෙර සහ වර්තමාන රජයන්ගේ පොදු පැතුම වන මෙම ව්‍යාපෘතියෙන් උතුරු ශ්‍රී ලංකාවේ දස දහස් සංඛ්‍යාත ජනතාවට ප්රතිලාභ ලැබෙනු ඇත. ව්‍යාපෘතිය දේශපාලනීකරණය කිරීම ජනතාවගේ අවශ්‍යතාවන්ට පටහැනි වන අතර වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයට පටහැනි වෙයි.”