ඉන්දියාවේ ගෙවීගිය දිනය තුළ නව කොරෝනා වෛරස් රෝගීන් 5,611ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භ වීමෙන් පසු සිදු වූ විශාලතම එක්දින ආසාදිත ඉහළ යෑම බව රටේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ගෙවීගිය දින දෙකක් තුළ ඉන්දියාවේ ආසාදිතයන් 10,000කින් පමණ වැඩිවී ඇති අතර, නවතම සංඛ්‍යලේඛන අනුව එරට සමස්ත ආසාදිත අගය 106,886ක් ලෙසත්, මරණ 3,303ක් ලෙසත් ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සංකේන්ද්‍රණය වී ඇති අතර, මේ වනවිට එහි ආසාදිතයන් 37,136ක් සහ මරණ 1,325ක් වාර්තා වී තිබේ.
ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය පවසන්නේ මේ වනවිට රට පුරා කොරෝනා පරීක්ෂණ මිලියන 2.5කට වඩා සිදුකර ඇති බව බවයි.