යුරෝපයේ, චීනය හා ඉන්දියාව ඇතුළු දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළවල නව කොරෝනා වෛරස් අගුලු දැමීම නිසා ඉන්දියාවේ ටාටා මෝටර්ස් සමාගම කාර්තුමය වශයෙන් විශාල අලාභයක් වාර්තා කර තිබේ.
මුම්බායි හි මූලස්ථානය පිහිටි, බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී ජගුවාර් ලෑන්ඩ් රෝවර් (JLR) හි මව් සමාගම වන ටාටා මෝටර්ස්, ජුනි 30 වැනිදායින් අවසන් කාර්තුවේදී ඇ.ඩො.බිලියන 1.13ක ශුද්ධ ශුද්ධ අලාභයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
බ්ලූම්බර්ග්ගේ විශ්ලේෂකයන්ගේ සමීක්ෂණයකට අනුව මෙම කාර්තුමය අලාභය ඇ.ඩො.බිලියන 1.28ක් වනු ඇතැයිද පුරෝකථනය කර තිබුණි.
ටාටා හි සුඛෝපභෝගී මෝටර් රථ ඒකකය වන JLR එහි ප්‍රධාන වෙළෙඳ පොළ වන චීනයේ සහ යුරෝපයේ විකුණුම් අභියෝගයන්ට මුහුණ දී ඇති අතර, වෛරස් පැතිරීම හා සැපයුම් දාම බාධා හේතුවෙන් නරක අතට හැරී තිබුණි.
මේ අතර ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,638,827ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 35,745කි.