ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට අනුව ගෙවීගිය පැය 24 තුළ ඉන්දියාවේ නව කොරෝනා වෛරස ආසාදිතයන් 3,900ක් වාර්තා වී තිබේ.
එ අනුව ඉන්දියාවේ කොවිඩ්-19 මරණ 1,568ක් ඇතුළුව සමස්ත ආසාදිතයන් 46,433ක් මේ වනවිට රට තුළ වාර්තා වී ඇත.
පෙරේදා (03දා) දිනයේ මිට පෙර වැඩිම ආසාදිත පිරිස හමුවූ අතර, එම අගය සටහන් වූයේ ආසාදිතයන් 2,644ක් ලෙසිනි.
ආසියාවේ විශාලතම මුඩුක්කුවලින් එකක් වන මුම්බායි හි ධරාවි හි කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 632ක් වන අතර, මරණ 20ක් වාර්තා වන අතර, මුඩුක්කු ආශ්‍රිතව ආසාදිතයන් ව්‍යාප්ත වීම වැඩිවෙමින් තිබේ.