ඉන්දියාව ගෙවීගිය පැය 24 තුළ කොවිඩ්-19 ඉහළ යාම අඛණ්ඩව වැඩිවී ඇති අතර, එය නව වාර්තාවක් තබමින් ලක්ෂ 3කට ආසන්න වී තිබේ.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (21දා) නිකුත් කළ දත්තවලට අනුව ගෙවුණු පැය 24 තුළ නව ආසාදිතයන් 295,041 ක් වාර්තා වී ඇති අතර, ඒ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,616,130ක් දක්වා ඉහළ ගොස් තිබේ.
උත්සව සමරමින්, දේශපාලන රැළි පවත්වමින්, වෛරසය ගණනකට නොගත් පාලකයන් මෙන්ම, වගකීමෙන් තොරව හැසිරුණු ජනතාවද නිසා අද ඉන්දියාවට මෙම තත්ත්වය උදාවී ඇති අතර, මෙය සෙසු රටවලටද හොඳ පාඩමක් කියාදුන් තත්ත්වයකි.