ඉන්දියාව ගෙවීගිය දිනයේ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 332,730ක් වාර්තා කරමින් මෙතෙක් ලොව ඕනෑම රටකින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.
එමෙන්ම ගෙවීගිය දිනයේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 2,263ක් බවත්, එය ඉන්දියාව තුළ වසංගතය ආරම්භ වූ දා සිට මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව බවත් රජයේ දත්ත පෙන්වා දෙයි.